දැයේ සංවර්ධනයට උරදුන් ජනතාවගේ වියපත් දිවිය සමාජ ආරක්ෂණයෙන් ආරක්ෂා කරමින් රාජ්‍ය විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අත්කර දීම සදහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය 1996 වසරේ සිට ක්‍රියාත්මකවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනයකි.
දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවමින් ජනතාව දැනුවත් කරමින්, සාමාජික කරගැනීම් හා ප්‍රතිලාභ ගෙවීම් වැනි කාර්යන් සිදු කරයි.

බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල 2023 හා 2024 වර්ෂවල ප්‍රධාන රාජකාරියට අමතර රාජකාරියක් ලෙස සළකා, යැපීම් මානසිකත්වයට හුරු වී සිටින බහුතරයක් ප්‍රජාව, දායකත්ව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයකට යොමු කර ගැනීමට කැපවී කටයුතු කල රාජ්‍ය නිලධාරීන්ගේ සේවය ඇගයීමේ උත්සවයක් 2025.10.14 දින බදුල්ල සයිමන් පීරිස් නගර ශාලාවේ දී උත්කර්ශවත් අයුරින් පැවැත්විය.

එහි දී, වැඩිම වාර්ෂික බදවා ගැනීම් ප්‍රමාණයන් හා මුල්‍ය වටිනාකම් අනුව ඉලක්ක සම්පූර්ණ කළ, දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ හා ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් නිලධාරීන් 162 දෙනෙකු ඇගයීමට ලක් කෙරිණි.

2023 වර්ෂයේ මූල්‍ය අංශය යටතේ දිස්ත්‍රික් ප්‍රථමස්ථානය,දෙවන ස්ථානය හා තෙවන ස්ථානය පිළිවෙලින් මීගහකිවුල, හාලිඇල හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හිමිකර ගැනීමට සමත් විය.

2024 වර්ෂයේ මුල්‍ය අංශය යටතේ දිස්ත්‍රික් ප්‍රථමස්ථානය, දෙවන ස්ථානය හා තෙවන ස්ථානය පිළිවෙලින් හාලිඇල, වැලිමඩ හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිනාගැනීමට සමත් වූ අතර ලද හාදිවයිනේ වැඩිම බදවාගැනීම් සිදුකල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් තෙවන ස්ථානය හිමිකරගනිමින් ජාතික මට්ටමේ ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට වැලිමඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය සමත් විය.

2024 වර්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කය බදවාගැනීම් ප්‍රමාණය අනුව දිවයිනේ තෙවන ස්ථානය හා මූල්‍ය වටිනාකම් අනුව දිවයිනේ දෙවන ස්ථාන හිමිකර ගනිමින් ජාතික මට්ටමේ ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

මෙම ඇගයීම උත්සවය සදහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති එම්.කේ.බී.දිසානායක මහතා, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා හා ප්‍රාදේශීය ලේකම්වරුන් ,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මීට සහභාගී විය .

sa11
sa11
sa22
sa33
sa44
sa55
sa66