• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ව්යුහය සහ සේවා
  • Uncategorised
  • Mediation Unit

Mediation Unit

පළකරන ලද්දේ: මැයි 13 2022
මැයි 13 2022
386views
    Mediation Unit

    Mediation Unit

 

Vision


"Realization of reconciliation and coexistence through mediation."

Mission


"Wide dissemination of an efficient alternative disputes resolution mechanism throughout the country for the benefit of the general public."


Our Team

# Name Designation Division Contact Number
01 R.M.Somawathi Mediation Program Officer Badulla 071 - 1682160
02 Kumuthini Indumathi Mediation Program Officer Welimada 071 - 7182283
03 Samitha Suranga Mediation Development Officer Bandarawela 071 - 6732580
04 Dilani Madhushani Mediation Development Officer Haldamulla 071 - 8828989
05 Thanuja Priyadharshani Mediation Development Officer Passara 071 - 3747836
06 Waruni Maheshika Mediation Development Officer Ella 070 - 7413857
07 Nalika Aberathne Mediation Development Officer Lunugala 071 - 7952201
08 K.P.H.Nisansala Mediation Development Officer Haputhale 071 - 9558378
09 Yasitha Rathnayake Mediation Development Officer Hali ela 077 - 6197840
10 Buddhika Sewandhi Mediation Development Officer Soranathota ​071 - 1490110
11 Pradeep Galapathi Mediation Development Officer Meeghakiula 071 - 0886263
12 G.Premalal Mediation Development Officer Uvaparanagama 071 - 2948454
13 Chithrakumari Mediation Development Officer Mahiyangana ​071 - 2389059
14 Renuka Priyangani Mediation Development Officer Kandakettiya ​071 - 4058142
15 - Mediation Development Officer Ridheemaliyadha -

Last Updated Date : 2022-05-13


   Contact Us

Mediation

Chinthana Herath

Mediation Training Officer

Telephone  : 071 - 4399928

Email :        : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   අපගේ සේවාවන්

   අපගේ සේවාවන්

සේවාවන්

සේවාවන්

සමථ මණ්ඩලයෙන් ලබාගත හැකි සේවාවන්

පහත ආකාරයෙන් සමථ මූල මණ්ඩලය වෙත යොමු වන ආරවුල් සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කිරීමට උත්සාහ කිරීම

-ආරවුල්කරුවෙකු පෞද්ගලිකව යොමුකරන ආරවුල්

-අධිකරණයෙන් යොමුකරන ආරවුල්

-පොලීසියෙන් යොමුකරන ආරවුල්

මෙම ආරවුල් පාර්ශවකරුවන්ගේ කැමැත්ත මත පත්වන සමථකරුවන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ඉදිරියේ සාකච්ඡාවට ගනු ලබන අතර

-දෙපාර්ශවයේ එකඟතාවය මත සමථයකට පත් වුවහොත් නිරවුල් කිරීමේ වාර්තාවක්/සහතිකයක් ද

-සමථයකට පත් නොවුවහොත් නිරවුල් නොකිරීමේ වාර්තාවක්/සහතිකයක් ද නිකුත් කරනු ලබයි.

-අදාළ වන පරිදි ඒවායේ පිටපත් අධිකරණයට/පොලීසියට යොමු කරනු ලබයි.

අධිකරණයෙන් යොමු කරන ආරවුලකට අදාළව නිරවුල් කිරීමේ සහතිකයක් නිකුත් කර එහි පිටපතක් එම අධිකරණයට යොමු කළ විට අධිකරණය විසින් එම නඩුව නැවත කැඳවා එම නිරවුල් කිරීම තීන්දු ප්‍රකාශයක් බවට පත් කරනු ලබයි.



සමථ මූල මණ්ඩලයට පෞද්ගලිකව ආරවුලක් යොමු කිරීම

සමථ මණ්ඩලයට පෞද්ගලිකව ආරවුලක් යොමු කිරීම පහත තොරතුරු සහිත ලිපියකින් හෝ ආකෘති පත‍්‍රයකින් කළ හැකිය

- ආරවුල්කරුගේ නම, ලිපිනය සහ දුරකථන අංකය

-අනෙක් පාර්ශවයන්ගේ නම් සහ ලිපිනයන්

-ආරවුල පිළිබඳ කෙටි විස්තරයක්

ලිපිය අවසානයේ හෝ අදාළ ආකෘති පත‍්‍රයේ රු.5/-ක මුද්දරයක් අලවා ඒ මත අත්සන යොදා අවලංගු කර තිබිය යුතුය.

මෙය තැපැල් මගින් සමථ මූල මණ්ඩල සභාපතිවරයා වෙත යොමු කිරිම හෝ සමථ මණ්ඩල රැස්විම් පැවැත්වෙන ස්ථානයට ගෙන ගොස් භාරදීම සිදු කළ හැකියි.

අධිකරණයේ නඩු පැවරීමට පෙර අනිවාර්යයෙන් සමථ මූල මණ්ඩලයට යොමු කළ යුතු ආරවුල් සහ වැරදි

පහත දැක්වෙන ආරවුල් සඳහා සමථ මණ්ඩලයෙන් නිකුත් කරන නිරවුල් නොකිරීමේ සහතිකයක් නොමැතිව අධිකරණයේ නඩු පැවරිය නොහැක.

-රුපියල් ලක්ෂ 5ට නොවැඩි චංචල/නිශ්චල දේපළ ණය හා අලාභ ඉල්ලීම් සම්බන්ධ ආරවුල්

-සමථ මණ්ඩල පනතේ දෙවන උපලේඛනයේ ඇති වැරදි

-බාලවයස්කරුවෙකු කරන රුපියල් 5000/-ට වඩා අඩු සොරකම් (ගව සොරකම හැර)

-සමථ මණ්ඩල පනතේ තුන්වන උපලේඛනයේ සඳහන් නොවන ඕනැම නඩු නිමිත්තක් සම්බන්ධ ආරවුලක්

ඉහත දක්වා ඇති අනිවාර්යයෙන් සමථ මූල මණ්ඩලයට යොමු කළ යුතු ආරවුල් සහ වැරදි අධිකරණ හා පොලීසිය විසින් සමථ මූල මණ්ඩලයට යොමු කරනු ලබන අතර පර්ශවකරුවෙක් විසින් වුව ද යොමු කල හැක

පහත ආකාරයේ ආරවුල් සමථ මූල මණ්ඩලයකට භාරගත නොහැක

-එක් පාර්ශවයක් ”රජය” වන ආරවුල්

-ආරවුල යම් මුදලක්, දේපළක් හෝ වෙනත් අයවිය යුතු යමක් අයකර ගැනීමේ ආරවුලක් වන විට එහි එක් පාර්ශවයක් ”රජයේ නිලධාරියෙකුගේ තත්වයෙන් ක‍්‍රියා කරන රජයේ නිලධාරියෙක් ” වන ආරවුල්

-නීතිපතිවරයා විසින් නඩු පවරන වැරදි

-සමථ මණ්ඩල පනතේ දෙවන උපලේඛනයේ සඳහන් නොවන වැරදි

-සමථ මණ්ඩල පනතේ තුන්වන උපලේඛනයේ ඇති නඩු නිමිත්තක් සම්බන්ධ ආරවුල්

සමථ මූල මණ්ඩලය සඳහා සමථකරුවන් බඳවා ගැනීම

සමථ මූල මණ්ඩලය සඳහා සමථකරුවන් බඳවා ගැනීම

-සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සමථ මුල මණ්ඩලයක් පිහිටුවා ඇත.

-ඒ කොට්ඨාසය තුළ පදිංචිව සිටින හෝ වැඩක නියුතුව සිටින, ක‍්‍රියාකාරී දේශපාලනයේ නියුතු නොවන, මනා සමාජ පිළිගැනීමක් සහිතව ජීවත් වන අය අතරින් සමථකරුවන් තෝරා ගනු ලබයි.

-සමථකරුවන් බඳවා ගැනීම සඳහා වසර 3කට වරක් ගැසට් නිවේදනයක් මගින් නාමයෝජනා කඳවනු ලබන අතර කිසිවෙකුට තමා විසින්ම අයදුම් කළ නොහැක.

-ඒ වෙනුවට යම් තැනැත්තෙකුගේ නම, ගැසට් නිවේදනයේ දක්වා ඇති නාමයෝජනා යැවීමට බලය ඇති අයෙකු විසින් නාමයෝජනා කළ යුතුය.

-නාමයෝජිත තැනැත්තන් අතරින් සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගන් ලබන අය හට සමථකරණ දක්ෂතා හා උපක‍්‍රම පිළිබඳ පුහුණුවක් ලබා දී එහි දී වඩාත්ම දක්ෂතා දක්වන පුහුණුලාභීන් සමථකරුවන් ලෙස පත්කරනු ලබයි.



​සමථකරුවන් ලෙස සේවය කිරීම

-සමථකරුවෙකුගේ ධූර කාලය වසර 3කි.

-සමථ මණ්ඩලයක කටයුතු කරන කාලය තුළ සමථකරුවා දණ්ඩ නීති සංග්‍රහයට අනුව රජයේ සේවකයෙක් ලෙස සැලකේ.

-සෑම සමථ මූල මණ්ඩලයක්ම සමථ මණ්ඩල කොමිෂන් සභාවේ අධීක්ෂනය, පාලනය හා විනය පාලනයට යටත්වන අතර සභාපතිවරයෙක් විසින් මෙහෙයවනු ලබයි.

-සමථ මණ්ඩල රැස්වීම් බොහෝ විට පැවැත්වෙන්නේ සතිඅන්ත දින වල දීය.

-සමථ මණ්ඩල රැස්වීම් සඳහා එක් දිනක් පැමිණීම වෙනුවෙන් සමථකරුවෙකුට රු.1000/- ක ගමන් වියදම් දීමනාවක් ගෙවනු ලබයි



නාමයෝජනා ඉදිරිපත් කිරීම

-මේ සඳහා ආකෘති පත්‍ර 3ක් ඇත.

-අ ආකෘතිය මගින් ආගමික ස්ථානයක ප‍්‍රධානියෙකුට, ප‍්‍රාදේශීය දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙකුට, විදුහල්පතිවරයෙකුට, විශ‍්‍රාමික දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙකුට හෝ විශ‍්‍රාමික විදුහල්පතිවරයෙකුට

-”ආ” ආකෘතිය මගින් දේශපාලන ස්වභාවයෙන් තොර ස්වේච්ඡා සංවිධානයක, මණ්ඩලයක හෝ ආයතනයක ලේකම්වරයාට

-”ඇ” ආකෘතිය මගින් අදාල කොට්ඨාසයේ ප‍්‍රාදේශීය ලේකම්වරයාට හෝ අදාල දිස්ත‍්‍රික්කයේ දිසාපති වරයාට

-නාමයෝජනා ඉදිරිපත් කළ හැක.



    නාමයෝජනා යැවිය යුතු ලිපිනය

ලේකම්,

සමථ මණ්ඩල කොමිෂන් සභාව,

අධිකරණ අමාත්‍යාංශ නව ගොඩනැගිල්ල,

අංක 80,

අධිකරණ මාවත,

කොළඔ - 12

FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.