• Home
  • About Us
    • Overview
    • Organization Chart
    • Staff
    • Cardre Details
  • Administrative Structure
    • Grama Niladhari Division
    • Local Authorities
    • Election Divisions
    • Divisional Secretariats
  • Structure & Services
  • Gallery
  • Trainings
  • Downloads
    • Statistical Hand Book
    • Buying Committee Report 2026
    • Young Entrepreneurs
  • eServices
  • Contact
    • Contact Us
    • Contact Details
  • Int.Transfer 2026
  • Supplier Registration
    • supplier registration 2026
  • Auctions
  • Special Notice
    • Special Notices
District Secretariat - Badulla Ministry of Home Affairs
  • Disaster Management
  • FAQ
  • RTI
  • Disaster Management
  • FAQ
  • RTI

contactBD 

  • සිංහල
  • தமிழ்
Increase size
Reset to Default
Decrease size
  • Home
  • About Us
    • Overview
    • Organization Chart
    • Staff
    • Cardre Details
  • Administrative Structure
    • Grama Niladhari Division
    • Local Authorities
    • Election Divisions
    • Divisional Secretariats
  • Structure & Services
  • Gallery
  • Trainings
  • Downloads
    • Statistical Hand Book
    • Buying Committee Report 2026
    • Young Entrepreneurs
  • eServices
  • Contact
    • Contact Us
    • Contact Details
  • Int.Transfer 2026
  • Supplier Registration
    • supplier registration 2026
  • Auctions
  • Special Notice
    • Special Notices
  • You are here:  
  • Home
  • Samurdhi Program

Samurdhi Program

Published: 24 May 2017
24 May 2017
1774views
1. නිවාස ලොතරැයි වැඩසටහන

1. නිවාස ලොතරැයි වැඩසටහන

නිවාස ලොතරැයි වැඩසටහන ක්‍රියාත්මක කිරීම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහනාධාරලාභී පවුල් වල තොරතුරු ඒකරාශී කරමින් සකස් කරන ලද ප්‍රතිලාභී දක්ත පද්ධතිය අනුසාරයෙන් පරිගණක ආශ්‍රයෙන් දිනුම් අදිනු ලබන එකම වැඩසටහන වන නිවාස ලොතරැයි දිනුම් ඇදීම මඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් ජයග්‍රාහකයෙකු බැගින් 2022 වර්ෂයේ සිට මසකට ජයග්‍රහණ 335ක් පිරිනමනු ලබන අතර එක් අයෙකුට රු. ලක්ෂ 2 බැගින් ලබා දෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

2002 වර්ෂයේ සිට විසි වසරක් පුරාවට ක්‍රියාත්මක කරන ලද නිවාස ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන නොකඩවා ක්‍රියාත්මක කරුනු ඇත. ඒ අනූව සෑම මසකටම වරක් පරිගණක වැඩසටහන මඟින් දිනුම් අදින ලද මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් ජයග්‍රාහකයෙකු තෝරා ගන්නා අතර තෝරාගත් ජයග්‍රාහී සමෘද්ධිලාභීන්ගේ නාම ලේඛනය හා මුදල් දිස්ත්‍රික්කය වෙත ලැබීමට කටයුතු කරනු ලැබේ. 2021 ඔක්තෝබර් මාසයේ සිට ජයග්‍රාහී සමෘද්ධිලාභීන්ගේ නාම ලේඛන සමෘද්ධි වෙබ් අඩවිය ඔස්සේද බලා ගත හැකිය . සෑම මසකම 10 වෙනි දින සිට 15 වෙනි දිනය දක්වා මෙම නාම ලේඛණ වෙබ් අඩවියේ පල කරනු ලැබේ.

ඒ අනූව මාස 03කට නොඅඩු කාලයක් තුළ මෙම ජයග්‍රාහී ත්‍යාග මුදල් ප්‍රතිලාභීන් අතට පත් කළ යුතු වේ. ඒසේ ලබා දීමට නොහැකි වූ මුදල් ප්‍රධාන කාර්යාලයේ අරමුදල් ගිණුමට බැර කල යුතුය. විශේෂ හේතුන් සඳහා බලය විමධ්‍ය ගත කර ඇති අතර දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අවශ්‍ය තීරණ ගැනීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට ,දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකවරුන් වෙත පවරා ඇත. තවද මුදල් ඉල්ලනු ලබන විශේෂ අවස්ථාවලදී ප්‍රතිලාභීන්ගේ ඉල්ලීම් පිළිබඳව සෑහීමකට පත් වන්නේ නම් මුදල් නිදහස් කිරීම සිදු කරනු ලබයි.

 

සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් තෝරාගැනීමේ ක්‍රියාපටිපාටිය

  • එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසමේ සිටින සමෘද්ධි සහනාධාරලාභීන්ගේ තොරතුරු අදාල නාම ලේඛනය මඟින් නිවාස ලොතරැයි දත්ත පද්ධතියට ඇතුළත් කර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විද්‍යුත් තැපෑල මඟින් යොමු කිරීම.
  • සමද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය මගින් අදාල සහනාධාරලාභීන්ට ලොතරැයි අංකයක් ලබා දීම.
  • සහනාධාරලාභීන්ගේ සහනාධාර වටිනාකමින් මාසිකව අය කරනු ලබන නිවාස ලොතරැයි ජයග්‍රාහක දිනුම් ඇදීමට අදාල මාසික වාරික මුදල පදනම් කරගෙන සෑම මසකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් නියෝජනය වන පරිදි නිවාස ලොතරැයි ජයග්‍රාහකයෙකු තෝරා ගැනීම. (මාසික දායකත්වය රු.100/-, ත්‍යාග මුදල රු.200,000/-)‍
  • එසේ තෝරා ගන්නා ලද ජයග්‍රාහක නාම ලේඛන සෑම දිස්ත්‍රික්කයකටම යොමු කර එම ජයග්‍රාහකයින්ගේ තොරතුරු තහවුරු කර ගැනීම. (අහස්‍ය වාර්තාව හා සමීක්ෂණ පත්‍රිකාව මඟින්)
  • එසේ තහවුරුකරගන්නා තොරතුරු මඟින් අදාල ජයග්‍රාහී ත්‍යාග මුදල් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට යොමු කිරීම.
  • ජයග්‍රාහක ත්‍යාග මුදල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට යොමු කිරීමෙන් පසු ත්‍යාගලාභීන්ට එම මුදල් ත්‍යාග ගෙවූ බව තහවුරු කරගැනීම පිණිස අදාල ආකෘතිය මඟින් දිස්ත්‍රික් කාර්යාල වෙත ගෙන්වා ගැනීම.
  • ප්‍රතිලාභීන්ට ගෙවූ මුදලින් අදාල කාර්යය සිදුවන්නේද යන්න පසු විපරම් කර සොයා බැලීම.
2. විශේෂ නිවාස වැඩසටහන (රු.ලක්ෂ 2 බැගින් ලබා දීම)

2. විශේෂ නිවාස වැඩසටහන (රු.ලක්ෂ 2 බැගින් ලබා දීම)

2022 වර්ෂය සඳහා මෙහි සඳහන් නිර්නායකයන්ට අනුකූලව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට නිවාස 03 බැගින් ලබා දීමට නියමිත අතර එක් නිවසකට ලබා දෙන මුදල රු.ලක්ෂ 02කි. සංශෝධන වලින් තොරව ඉතාමත් සුදුසු සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ හෝ අඩු ආදායම් ලාභීන්ගේ නම්,ගම් මට්ටමින් තෝරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිස්ත්‍රික් කාර්යාල වෙත ලබා දීමෙන් අනතුරුව ප්‍රධාන කාර්යාලයට අදාල අකෘතියට අනූව නාම ලේඛණය හා තොරතුරු ලාබීමට සැලැස්විය යුතුය.

සුදුසුකම් නොලබන ප්‍රතිලාභීන් සඳහා අනුමැතිය ලබා නොදෙනු ඇත.

I ක්‍රියාත්මක ක්‍රමවේදය

  • මෙහිදී ප්‍රතිලාභියාගේ ඉල්ලීම් ලිපියක් සමඟ පදිංචි නිවසේ වර්තමාන තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් ඉදිරිපත් කල යුතුයි. 

II මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම හා වාරික නිදහස් කිරීමේ ක්‍රමවේදය

නිවසක් සඳහා දිස්ත්‍රික් අධ්‍යක්ෂක මඟින් ප්‍රජාමූල බැංකුව වෙත ලබාදෙන උපරිම මුළු මුදල - රු.200,000/- කි.

පළමු වාරිකය - ලබාදෙන මුදලින් 50% ක්

දෙවන වාරිකය - ලබාදෙන මුදලින් 50% ක්

  • මෙහිදී මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා පළමු වාරිකය නිදහස් කිරීමෙන් පසු නිවස ඉදිකිරීමේ ප්‍රගතිය පරීක්ෂා කොට වාර්තා කිරීමෙන් අනතුරුව දෙවන වාරිකය නිදහස් කළ යුතුය.
  • මෙම නිවාස ඉදිකිරීමේදී එක් නිවසක් සඳහා ලබා දෙන රු. ලක්ෂ 2 හා ප්‍රදේශයේ දානපතියන්ගේ සහයෝගයෙන් වඩා වැඩි වටිනාකමකින් යුක්තව නිවාසය ඉදිකිරීමට නිලධාරීන් කටයුතු කළ යුතුයි.

 

3. රු.ලක්ෂ 6 නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම

3. රු.ලක්ෂ 6 නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම

I සනාථ කර ගැනීමට අදාල නිර්ණායක

  • නිවස සෑදීම සඳහා ස්ථීරව තමන් සතු ඉඩමක් තිබිය යුතුයි.
  • පවුලේ සාමාජිකයින් 04 දෙනෙකුවත් (මව, පියා, දරුවන් දෙදෙනෙකු) සිටීම අනිවාර්ය වේ එසේ නැත හොත් වැන්දඹු පවුලක් වීම හෝ අබාධිත අයෙකු පවුලේ සිටීම අනිවාර්ය වේ. (විශේෂයෙන් ගෘහ මූලික පිළිබඳව සලකා බැලේ)
  • ආර්ථික මට්ටම සලකා බැලීමේදී දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක් විය යුතුයි

සුදුසුකම් සපුරාලීමට නොහැකි නිවාස යෝජනා ප්‍රතික්ෂේප වන බැවින් නිර්නායකයන් පිළිබඳ ඉතාමත් සැලකිල්ලක් දැක්වයි.

මේ සඳහා අදියර 03ක් යටතේ දිස්ත්‍රික් කාර්යාල මඟින් ප්‍රජාමූල බැංකු වෙත ප්‍රතිපාදන ලබා දෙන අතර එක් නිවසක් වෙනුවෙන් ලබාදෙන මුදල රු.ලක්ෂ 06 (600,000/-)කි. එක් වාරයකදී රු.ලක්ෂ 1 බැගින් අදියර 06ක් යටතේ ප්‍රතිලාභීන් වෙත මුදල් නිදහස් කිරීම සිදු වේ.

II තෝරා ගැනීමේ ක්‍රියාවලිය

  • ඉහත කරුණු සඳහා මූලිකත්වය දෙමින් , නිවසක් නොමැති, නිවසක් ඉදිකර ගැනීමට නොහැකි නමුත් නිවසක් ඉදිකර ගැනීමට තමා සතු ඉඩමක් හිමි පවුලක් තොරා ගනු ලබයි.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට නිවාස 03 බැගින් වන සේ තොරා ගැනේ.
  • අනෙක් නිවාසද ප්‍රමුඛතා පිළිවෙලට පෙළ ගස්වනු ලබයි.

තෝරා ගැනීම සිදු කිරීමේදී අදාල පවුල්වල සවිස්තරාත්මක තොරතුරු ගොනුවක් පවත්වාගෙන යා යුතුයි.

සමෘද්ධි නිලධාරීන්ගේ (කලාප කළමනාකරුවන් හා සංවර්ධන නිලධාරීන්ගේ) හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය මත දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක හෝ දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියෙන් ප්‍රධාන කාර්යාලයට ප්‍රතිලාභීන් පිළිබඳ තොරතුරු ලබා දීමෙන් පසු සමෘද්ධි නිවාස ලොතරැයි භාරකාර මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුදුසුකම් සපුරා ඇති ප්‍රතිලාභීන් සඳහා නිවාස ඉදිකිරීමට අවශ්‍ය මුදල් දිස්ත්‍රික්ක වෙත මුදා හරිනු ලැබේ.

ප්‍රතිලාභීන් සඳහා මුදල් නිදහස් කිරීමේදී කලාප කළමණාකරුවන්ගේ නිර්දේශ ලබා තිබිය යුතුයි.

තවද මෙම නිවාස ඉදිකිරීමේදී ප්‍රජා දායකත්වය හා අදාල ප්‍රදේශයේ ප්‍රභූ දායකත්වය ලබා ගැනීම සුදුසු අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා ගැනීම සිදු කළ යුතු වේ.

III වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම.

දිස්ත්‍රික් ලේකම්/ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ

-         දිස්ත්‍රික්කයේ සමස්ත වැඩසටහන පිළිබඳ අධීක්ෂණය හා මෙහෙයවීම

ප්‍රාදේශීය ලේකම්

-         තම බල ප්‍රදේශය තුළ අධීක්ෂණය

මූලස්ථාන කළමණාකරු/කළමණාකාර අධ්‍යක්ෂ/

සමෘද්ධි ප්‍රජාමූල බැංකු (කලාප කළමණාකරු)

-         නියමිත පුද්ගලයින් තෝරා ගැනීමේදී නිර්දේශ ලබාදීම හා නිවාස ඉදිකිරීම හා සම්බන්ධව,             පසු විපරම, අධීක්ෂණය, අදාල අංශ සමඟ සම්බන්ධීකරණය

සමාජ සංවර්ධන සහකාර

-         නිරන්තර පසු විපරම හා නිවාස ඉදිකිරීමේදී ගැටළු මතු වුව හොත් කළමණාකරුවන් හා              ප්‍රාදේශීය ලේකම් සමඟ සම්බන්ධීකරණය හා නිවස ඉදිකිරීමේ කටයුතු අවසන් වනතුරු                පූර්ණ සම්බන්ධීකරණය

වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී

-        නිවාස තෝරා ගැනීමේදී  හා ඉදිකිරීමේදී පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය හා                             ප්‍රදේශවාසීන්ගේ හා ප්‍රතිලාභී පවුලේ ශ්‍රම දායතක්වය ලබා ගනිමින් නිවස ඉදි කිරීමට                   උපරිම සහයෝගය ලබාදීම හා නිවසේ වැඩ නිම කිරීමට අවශ්‍ය කටයුත් කිරීම.

FaLang translation system by Faboba
Copyright © 2026 District Secretariat - Badulla. All Rights Reserved.

Last modified:
18 August 2026.