ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්විම හා දැනුවත් කිරිමේ ජාතික වැඩසටහනට සමගාමිව බදුල්ල දිස්ත්රික් වැඩසටහන පසුගියදා(24) බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයෙදි පවත්වන ලදි.

මෙහිදි බදුල්ල සහකාර දිස්ත්රික් ලේකම් සමිත සපුතන්ත්ර මහතා අදහස් දක්වමින් සදහන් කර සිටියේ, දේශිය වෙදකම සංචාරක කර්මාන්තයේ නව දිශානතින් කරා ගමන් කිරිමට ඇති හොද මාර්ගයක් බවය.

දේශිය වෛද්යවරුන්ගේ දැනුම වර්ධනය කිරිම සදහා බොරුල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්ය ශිවකුමාර්, වෛද්ය ලලිත් අලවතුගොඩ යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වය ලැබුණු අතරම දේශිය වෛද්යවරුන්ට වෛද්ය ග්රන්ථ ප්රදානයක් ද සිදුකරන ලදී.

බදුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, ඇල්ල, වැලිමඩ, ඌවපරණගම, සොරණාතොට, මහියංගනය, රිදියමාලිඅද්ද, ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ආයුර්වේද සංරක්ෂණ සභාවන් නියෝජනය කරමින් දේශීය වෛද්යවරුන්, දේශීය වෛද්ය අමාත්යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඕ.වි. චන්දන තිලකරත්න, සහකාර අධ්යක්ෂ (සංවර්ධන) චමල් ඩි. තේනුවර, බදුල්ල සහකාර දිස්ත්රික් ලේකම් සමිත සපුතන්ත්රි,ආයුර්වේද වෛද්ය සභාවේ ලේඛකාධිකාරි වෛද්ය පි.ඩබ්.ඩබ්.දිසානායක, ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්ය පි.ජි.ඩි.එස්.ප්රේමතිලක යන මහත්ම මහත්මීන් සහ බදුල්ල දිස්ත්රික් දේශිය වෛද්ය සංවර්ධන නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

3 3 3 3
3 3 3 3