දමිළ මාධ්යයෙන් උසස් පෙළ හදාරණ දරුවන් වෙනුවෙන් බදුල්ල දිස්ත්රික් පාරිභෝගික කටයුතු අධිකාරිය හා දිස්ත්රික් ලේකම් කාර්යාලයේ වතු යටිතල පහසුකම් සංවර්ධන අංශය සංවිධානය කළ සම්මන්ත්රණයක් පසුගියදා(15) බණ්ඩාරවෙල දෙමළ මධ්ය විද්යාලයේ (ජාතික පාසල) දී පවත්වන ලදි.

බදුල්ල දිස්ත්රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ සමාන් මොහොමඩ් මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම සම්මන්ත්රණය පාරිභෝගික අයිතිවාසිකම්, සමකාලීන ගැටලු, පැමිණිලි යාන්ත්රණය ආදිය පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී. වතු යටිතල පහසුකම් සංවර්ධන අංශයේ වැවිලි ප්රජා සන්නිවේදන නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

3 3 3 3
3 3 3 3